කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (12) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනයට අනුව මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව සඳහන් වේ.
එම ප්‍රදේශවල පදිංචි ජනතාව උණුසුම් කාලගුණය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වගකිවයුතු අංශ දැනුම් දෙයි.
















