කල්පිටිය කීරිමුන්දලම වෙරළ ආසන්නයේ ලදු කැලෑවක සඟවා තිබූ නීතිවිරෝධී ඖෂධ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම භාණ්ඩ තොගය සොයාගැනීමට හැකි විය.
මෙම වැටලීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ පෙති 71,960ක් සොයාගත් අතර, එම ඖෂධ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලිසියට භාර දෙන ලදී. එසේම, අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය හලාවත සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.
















