ධාරානිපාත වර්ෂාවත් සමඟ රදාපොල ආර හරහා විශාල ජල පහරක් ගලා ඒම හේතුවෙන් වැල්ලවාය වටවනවත්ත මාර්ගය ජලයෙන් යටවී තිබේ.
වැල්ලවාය කිරිඳිඔයේ අතු ගංගාවක් වන රදාපොල ආරේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බව වාර්තා වේ. මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ එම ප්රදේශයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
මේ අතර, රදාපොල ආරේ ජලය කිරිඳිඔයට එක්වීමත් සමඟ ඊයේ (21) පස්වරුවේ කිරිඳිඔයේ ජල මට්ටම ද ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
















