මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සිය අලෙවි වාර්තා සහ සංචාරක ආකර්ෂණය පහත වැටීම නිසා ප්‍රංශයේ සුපිරි විලාසිතා සන්නාමයක් වන Hermes සමාගමේ කොටස් අගය බදාදා දිනයේදී 14%ක දැවැන්ත පසුබෑමකට ලක් විය. 2025 වසරේදී Hermes සමාගම ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කලාපය වූ මැදපෙරදිග අලෙවිය දැනටමත් 6%කින් පමණ පහත වැටී ඇති අතර, විශේෂයෙන්ම ඩුබායි වැනි ප්‍රධාන සාප්පු සංකීර්ණ ආශ්‍රිතව සිදුවන වෙළඳාමට මෙම යුද්ධය සෘජුවම බලපා තිබේ. යුද ගැටුම් හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ පාරිභෝගික විශ්වාසය පළුදු වීම නිසා මෙම වසරේදී සුඛෝපභෝගී භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි ආයෝජකයින් තබා තිබූ බලාපොරොත්තු මේ වන විට බිඳී ගොස් ඇත.
යුද්ධයේ බලපෑම මැදපෙරදිගට පමණක් සීමා නොවී යුරෝපය සහ ආසියාව දක්වා ද ව්‍යාප්ත වී ඇති අතර, පැරිස් හෝ ලන්ඩන් වැනි නගර වෙත පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අවම වීම නිසා එම රටවල පිහිටි Hermes වෙළඳසැල්වල ආදායම ද අඩු වී ඇති බව සමාගමේ මූල්‍ය ප්‍රධානියා සඳහන් කළේය. මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් සංචාරක ගමන් බිමන් සීමා වී ඇති අතර, එය ලොව ප්‍රමුඛතම විලාසිතා නිෂ්පාදකයින්ට දැඩි මූල්‍ය අභියෝගයක් එල්ල කර තිබේ. මෙම තත්ත්වය හමුවේ Hermes පමණක් නොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී සන්නාමයන් ද ඉදිරි කාලය තුළ සිය ව්‍යාපාරික උපායමාර්ග සංශෝධනය කිරීමට පෙළඹෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.
















