ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. ඉකුත් 13 වනදා රාත්‍රී කාලයේ මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
නාවික හමුදා භාරයට ගත් අදාළ යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ. දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නාවික හමුදාව මෙරට මුහුදු සීමාව තුළ නිරන්තර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
















