හොරණ, නාරගල පාලම අසලින් කළු ගඟේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතුරින් 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
අද (31) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති අතර, අතුරුදන් වූ තරුණයා සොයා පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














