සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇති විය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















