යාපනය, චෙම්මනි සිත්තුපාත්තු ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමුවූ සමූහ මිනී වළ ආශ්‍රිතව සිදුකෙරෙන තුන්වන අදියරේ 30 වන දින කැණීම් කටයුතුවලදී, පෙරේදා (21) දිනයේදීම තවත් සිරුරු 7කට අයත් අස්ථි කොටස් ගොඩගැනීමට කැණීම් භාර නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, එම පරිශ්‍රයේම තිබී තවත් මිනිස් සිරුරු 11කට අයත් අස්ථි කොටස් අලුතින් හඳුනාගත් බවයි කැණීම් භාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව මේ වන විට එම සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 405කට අයත් අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර, ඉන් සිරුරු 377කට අයත් අස්ථි කොටස් සම්පූර්ණයෙන්ම කැණීම් කර ගොඩගැනීමට බලධාරීන්ට හැකිව තිබෙනවා.
















