27 April 2024
#සංවර්ධන

හුණුමුල්ල හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරේ

දේශීය ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින් රුපියල් ලක්ෂ 25 ක් වැය කර දිවුලපිටිය, හුණුමුල්ල හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුකෙරිණි.

හුණුමුල්ල ගම්මානයේ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා රුපියල් ලක්ෂ 12 ක පමණ උපකරණ ලබා දීම, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී විදුලි සකපෝරු, වැඩ මඩු, පහන් අච්චු, බිම් පෝරණු ඇතුළු උපකරණ සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සදහා ජාතික ශිල්ප සභාව විසින් ලබා දෙන හැදුනුම්පත්ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන නෙලුක් මල්ලව මහතා හා කාමල් කුරුප්පු මහතා, දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත ආරියරත්න මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරහැපොළ මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *