27 April 2024
#දේශීය

පොල් ගෙඩියෙන් පහර දුන් සැමියාව, බිරිඳ විසින් ඝාතනය කරයි

නවගමුව, රණාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස් කාලයේදී නිවසක ඇති වු ආරවුලකින් පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා එදින බිමතින් නිවසට පැමිණ බිරිඳ සමඟ ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් සැමියා විසින් බිරිඳට පොල් ගෙඩියකින් හිසට පහර දී ඇත. ඉන් කෝපයට පත් බිරිඳ අතෙහි තිබු පිහියෙන් සැමියාගේ ගෙල ප්‍ර දේශයට පහර දීමක් සිදු කර ඇත.

දෙදෙනාම තුවාල ලබා සිටියදී අසල්වාසීන් විසින් නවගමුව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැමියා පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයස 50 ක් වු මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය අදාළ විමර්ශණයේදී සඳහන් කර සිටියේ එම යුවල නිත්‍යානුකුලව විවාහ වී නොමැති බවයි. ඔවුන් මීට මාස 02 කට පෙර සිද්ධිය වු ස්ථානයට කුලියට පැමිණ ඇති අතර ඔවුන් සැමියා සහ බිරිඳ ලෙස පෙනි සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *