තමා දික්කසාද වී නොමැති බවත් තමා සිංගල් මාම් කෙනෙක් බව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ඊයේ (06) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමාට ජිවිතේ වැරදුනු තැන් කිහිපයක් ඇති බවයි. නමුත් ඒ හැම අවස්ථාවකදීම තමාගේ මව, පියා සහ අක්කා ඇය සමඟ සිටි බව ඇය කියා සිටියෙය.
එසේම තමාගේ දරුවා හදාගන්න සිදු කරන කැප කිරීම හා තමාගේ ජිවිතේ කවුරු සිටියත් නැවතත් ජිවිතේ ඉදිරියට තම දරුවත් සමඟ යන බව ඇය කදුළු සලමින් පවසා සිටියාය.
කෙසේ නමුත් තමා යකඩ ගැහැණියක් බවත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන්ට මෙම තරඟයට ඉදිරිපත් වීමට ඉඩ සැලැස්වීමට තමා පෙරමුණ ගෙන කටයුතු කරන බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුටත් කියා සිටියාය.