27 April 2024
#දේශීය

අනවසරයෙන් වැලි ගොඩ දමා මාට්ටු

රත්තොට කුඹල්ඔළුව නව පාලම අසළ අඹන්ගග ආශ්‍රිත ඔයේ බලපත්‍ර නොමැතිව නිති විරෝධි ලෙස පරිසරයට හානි වන අයුරින් වැලි ගොඩ දැමු පුද්ගලයකු ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි රැසක් පිළිබදව සිදු කරන ලද දිර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැලි ගොඩදැමිමේ නිරත පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට හැකිවු බවත් මෙම වැලි තොටුපළ ප්‍රදේශයේ බස් රථ හිමි ව්‍යාපාරිකයකු විසින් සිදු කරන බවට මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.

මෙම කුඹුල්ඔළුව නව පාලම අසළ වැලි ගොඩදැමිම නිසා ගං ඉවුරු ඛාදනය වි ඇති බවත් මේ නිසා ප්‍රදේශයේ පරිසර ගැටලු රැසක් පැන නැගි ඇති බවට ජනතාව විසින් පැමිණිලි වරින් වර සිදු කර ඇති බවද පොලිසිය කියයි.

වැලි තොටුපළේ තිබියදි බැරල්වලින් සකස් කරන ලද පාරුවක්,වැලි ගොඩදැමිම සදහා යොදා ගන්නා කූඩ හයක්,සවල් හයක් ඇතුලු උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවද ‍පොලිසිය කියයි.
සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශය භාර 01 ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයෙන් උ.පො.ප ප්‍රේමසිරි,පො.සැ 20746 පේමසිරි,පො.සැ 49009 අලුත්ගම,කා.පො.සැ 1209 වත්සලා,පො.සැ රි 1007 බෝපගෙදර,පො.කො 57165 ආනන්ද,පො.කො 85894 අශෝක යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *