කටුක සේවා කොන්දේසි සහ නිර්බල ශ්‍රමය (forced labor) වැළැක්වීමට අපොහොසත් වූ බව පවසමින් ඇමෙරිකාව විසින් යුරෝපා සංගමය ඇතුළු වෙළඳ හවුල්කරුවන් 60 දෙනෙකුට 10% සහ 12.5% ක අලුත් තීරුබදු පැනවීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම චෝදනාව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලාස් (Kaja Kallas) විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. යුරෝපය තුළ නිසි ශ්‍රමික ආරක්ෂාවක් සහ වැටුප් සහිත නිවාඩු හිමිවන බව පෙන්වා දෙන ඇය, ඇමෙරිකානු ශ්‍රම නීති හමුවේ මෙවැනි චෝදනාවක් එල්ල කිරීම පදනම් විරහිත බව සඳහන් කළාය. පසුගිය වසරේ වෙළඳ ගිවිසුමෙන් පසු මෙම අර්බුදය නිරාකරණය වූ බව සිතූ යුරෝපා සංගමය, ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හදිසි තීරුබදු අවලංගු කිරීමෙන් පසු වොෂින්ටනය නැවතත් වෙනත් නීතිමය හේතු දක්වමින් තීරුබදු පනවන බවට චෝදනා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














