ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. මීට පෙර 8 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව අභිබවා යාමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වී ඇති අතර, ශ්‍රී ලංකාවට පසුපසින් 10 වැනි ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථානය සමඟ පවතින්නේ එක් ප්‍රසාද ලකුණක පරතරයක් පමණි.
මේ අතර විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටීමට සමත්ව තිබේ. ඉදිරි තරගාවලි හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ස්ථානය යළිත් වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක් පවතී.














