රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නීති විරෝධී මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීම 2026 මැයි මස 04 වන දින රාත්‍රී කාලයේදී පිළියන්දල පොලිස් වසමේ මකුළුදුව පාර, කාලියම්මහර සහ බෝකුන්දර යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ‘ඩාන්සින් ටැබ්ලට්’ (Dancing Tablets) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නීති විරෝධී මත්පෙති 3,405ක පමණ ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ දළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව ගණන් බලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.














