27 April 2024
#දේශීය

IDH රෝහලෙන් පැන්න ආසාදිතයා මුලින් කිව්වේ බොරු – විමර්ශන අනාවරණය මෙන්න

IDH රෝහලෙන් ඊයේ (24)  පැන ගිය කොරෝනා ආසාදිතයා  සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.

අදාළ  රෝගියා IDH රෝහලෙන් පළා යමින් සිටියදී රෝහලේ දී තමන් ඇද සිටි ඇඳුම් ගලවා ඇති අතර පසුව  මග පිහිටි නිවසකට ඇතුල්වී එහි තිබු ඇඳුම් ඇද එහි තිබු පාපැදියක් සොරා ගෙන කොළඹ, කොටුව දෙසට පළා ගොස් ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බවද ඔහු පවසයි. 

රෝගියා ගමන් කළ බවට පළමුව හෙළිකළ තොරතුරු අසත්‍ය බවට හෙළිවීමත් සමග ඔහු IDH රෝහලේ සිට කොළඹ කොටුව ප්‍රදේශයට ගමන් කළ ආකාරය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ විසින් මේ වන විට CCTV කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් යොදා ගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම පුද්ගලයා ඇදුම් සහ පාපැදිය සොරා ගත් නිවස සෞඛ්‍ය අංශවල උපදෙස් මත විෂබිජ හරණයට ලක් කොට ඇති බවත් සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදාළ රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *