27 April 2024
#දේශීය

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට – ජනපති

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (25) මාතර වෙරළ උද්‍යාන යේ සංවිධාන කළ ජන හමුවේ දීය.

ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිවරයා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරිණ. ඊට අවධානය යොමු කළ ජනාධිපතිවරයා පෙර පාසල් ගුරුවරියනට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළේය.

දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නව රජය පිහිටුවීමෙන් පසු ප්‍රමුඛ කාර්යක් සේ සලකා පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *