නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ අසූ පන් දහසක් (11,385,000) වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් 6 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ. ගුවන් යානා තුනකින් දිවයිනට පැමිණි මෙම පිරිස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගමන් මළු තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 75,900ක් සොයා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














