27 April 2024
#දේශීය

ඉන්දීය නීති විරෝධි ධීවර කටයුතු කොහොමහරි නතර කරනවා – ධිවර ඇමැති

ඉන්දීය නීති විරෝධි ධීවරකටයුතු කෙසේ හෝ නතර කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට පුරා ධීවර දිස්ත්‍රික්ක 15ක ධීවර කාර්මිකයන්ගේ එකමුතුවෙන් ගොඩනැගී ඇති ජාතික ධීවර මහා සම්මේලනයේ අමතමිනි.

මෙම අධ්‍යක්ෂක මංඩල රැස්වීමේ ප්‍රධාන අරමුණ වුයේ දැනට රටපුරා සාමාජිකයන් 150,000 ක් සිටින ජාතික ධීවර මහා සම්මේලනයේ නව නීති රෙගුලාසී සකස් කිරීම හා ධීවරයන්ගේ සුභසාධනය වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම රට පුරා ධීවර ෂේත්‍රයේ පවතින ගැටලු වලට විසදුම් ලබා දීමයි.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරණ නීති විරෝධි ධීවර ආක්‍රමණය නතර කිරීම හා ඒ වෙනුවෙන් ධීවර කාර් මිකයන් ලෙස එක්කාසු වී ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදවද යෝජනා සම්මත කරගැනීමත් මෙහිදී සිදුවිය.

මෙහිදි අදහස් දැක්වු සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ” රටපුරා සිටින ධීවර කාර්මිකයන් මෙවැනි සංගමයක් ලෙස එක අරමුණකට ගෙන ඒමට කටයුතු කරන මහලේකම් තුමන් ඇතුලු අධ්‍යක්ෂක මංඩලයට සුභාශිංසනය එක්කරන අතර 2022 වසරේ පවත්වන පළමු අධ්‍යක්ෂක මංඩල රැස්වීම ලෙස අද දවසේ මෙම සංගමයේ පවතින නීති රෙගුලාසි සකස් කිරීම හා ආපදා අරමුදල ශක්තිමත් කර ගනිමින් අනෙකුත් සංගම් වලට වඩා ප්‍රබල සංගමයක් ලෙස මෙම සංගමය පවත්වාගන යාම සදහා තමන් පළමුව මෙම සංගමයේ නීති රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය කමිටුව පත් කිරීමට කටයුතු කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙහිදි ඉදිරිපත් වු කරුණු කෙරෙහි තමන් දැනටමත් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර විශේෂයෙන් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදේ සිදුකරන ධීවර සම්පත් විනාශය තමා ධීවර අමාත්‍යවරයාව සිටින කාලයේ කෙසේ හෝ නතර කිරීමට කටයුතු කරන අතරම මෙමගින් සාගර සම්පත් වලට හා මෙරට ධීවරයන්ට සිදු වු හානිය මුදලින් අයකර ගැනීමට ඉන්දීය රජයේ අවධානයට යොමු කරන බව ද පැවසු අතර අමාත්‍යවරයා පසුගිය කාලයේදි මුහුදේදි හානියට පත් ධීවරයන් සදහා මෙම සංගමය මගින් මූල්‍ය අධාර ලබාදුන් අතරම මේ වන විට සංගමයේ පවතින මූල්‍ය අර් බුදය විසදා ගනිමින් ඉදිරියට සුභ සාධන කටයුතු ශක්තිමත් කළ යුතුව ඇති අතරම මෙරට යම් යම් සංගම් ධීවරයින් උසී ගන්වා සිදු කරන මෙම ධීවර විරෝධතා ද නතර කිරීමට අප සංගමයේ ශක්තිය ලබා දිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *