• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුලිදිවාල්හි කඩොලාන පද්ධතියට හානි කල අය වහාම අත් අඩංගුවට ගන්න – පරිසර ඇමැති පොලිසියට දැනුම් දෙයි

5 November 2020
in දේශීය

මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිටි කඩොලාන පද්ධතිය විනාශ කළ පුද්ගලයින්ව වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (04) රාත්‍රී පුත්තලම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම කාරණය පිලිබඳව මධ්‍යම පරිසර අධිකාරිය හා මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු අදාල අංශ වලින් විමසීමක් කරනු ලැබීය.

මෙම කඩොලාන පද්ධතිය අයත් ඉඩම කිසියම් තැනැත්තෙකුගේ පුද්ගලික ඉඩමක් වන අතර ඔහු විසින් ඉස්සෝ වගාවට යැයි කියමින් එම පරිසර පද්ධතිය කපා ඉවත් කර ඇති බව අදාළ අංශ විසින් තහවුරු කරනු ලැබීය.

ඒ අනුව පුද්ගලික ඉඩමක වුවත් කඩොලාන කපා ඉවත් කිරීම නීතිවිරෝධී වන බැවින් එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (04) රාත්‍රී පුත්තලම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය.

මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් පුද්ගලයින් විසින් වරින් වර සිදු කරනු ලබන පරිසර හානි කිරීම් සම්බන්ධව වාර්තා වන අතර ප්‍රාදේශීය ලේකම් වරු, ග්‍රාම නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින්, පරිසර නිලධාරින්, සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරින් විශාල පිරිසක් ප්‍රාදේශීය සේවාවන් හි නිරතව සිටිය දී මෙවැනි පරිසර හානි කිරීම් සිදුවන්නේ එම නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය හා නොසැළකිල්ල නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ සියලුම පරිසර නිලධාරින් කැඳවා ඔවුන් තම රාජකාරිය හා වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳව සොයා බලන්නැයි ඇමැතිවරයා ඊයේ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.

Post Views: 11
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 8540 දක්වා ඉහලට

Next Post

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි තාවකාලිකව අත්හිටුවයි

editor

editor

Next Post

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි තාවකාලිකව අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved