ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) විසින් ඉදිරිපත් කර ඇති නව හරිත බලශක්ති සැලැස්ම හේතුවෙන් ලොව පුරා සාගර සංචාරක නෞකා (Ocean Cruises) සහ වාණිජ නෞකා ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ නෞකා නියෝජිතායතනය වන ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් 2025 අප්‍රේල් මාසයේදී අනුමත කරන ලද මෙම සැලැස්ම මගින් නෞකා මගින් පිටකරන කාබන් විමෝචනය අවම කිරීම අරමුණු කරයි. කෙසේ වෙතත්, ඇමෙරිකාව ඇතුළු රටවල් කණ්ඩායමක බලපෑම මත මෙහි අවසන් තීරණය ලබන ඔක්තෝබර් මාසය දක්වා කල් දමා ඇත.
සංචාරක නෞකාවක් සැලසුම් කර නිම කිරීමට වසර 5ත් 7ත් අතර කාලයක් ගතවන අතර, ඒ සඳහා ඩොලර් බිලියනයකට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. නව නීතිරීති ක්‍රියාත්මක වුවහොත්, පවතින නෞකා හරිත බලශක්තියට ගැළපෙන පරිදි නවීකරණය කිරීමට හෝ අලුතින් නෞකා නිෂ්පාදනය කිරීමට සිදුවීම නිසා මගී ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ඔක්තෝබර් මාසයේදී නිසි එකඟතාවක් ඇති නොවුවහොත්, සමස්ත වාණිජ නෞකා ක්ෂේත්‍රයම නියාමන අවිනිශ්චිතතාවයකට (Regulatory limbo) පත්වනු ඇත. මෙය ගෝලීය වෙළඳාමට මෙන්ම සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව Wall Street Journal වාර්තා පෙන්වා දෙයි.














