• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පවතින ඉන්ධන අර්බුධය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් සහන සලසන්න -අගමැති

8 July 2022
in දේශීය

පවතින ඉන්ධන අර්බුධය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යව‍රයා මෙසේ පවසා සිටියේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් වෙතය. ඒ පසුගිය බදාදා(06) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක යන මහත්වරුන් විසින් ඉන්ධන අර්බුධය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න මතු කිරිමෙන් අනතුරුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සියළු පාර්ශව වල සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවදිය.

අර්බුධයත් සමග ධිවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිලිබඳව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අනුව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ධිවර ප්‍රජාව මුහුණ දෙන ගැටළුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වෙදආරච්චි,නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්විය. කමිටු සාමාජිකත්වය සඳහා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නියෝජිතයෙකු ඉදිරියේදී නම් කරන බව සඳහන් කල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාල අමාත්‍යංශවල ලේකම්වරුන් සහ නිලධාරීන් ද මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන්නේය.

 

Post Views: 15
Previous Post

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

Next Post

බස්නාහිරට පොලිස් කොට්ඨාශ රැසකට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

editor

editor

Next Post

බස්නාහිරට පොලිස් කොට්ඨාශ රැසකට පැනවු ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved