වසර ගණනාවක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිව අබලන්ව පැවති නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මෙම මංතීරුව අබලන් වීම හේතුවෙන් වැඩිහිටියන් ඇතුළු ජනතාව විවිධ අනතුරුවලට ලක්වීමේ දැඩි අවදානමක පසුවිය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමාජ මාධ්‍ය හරහා පෙන්වා දුන් පසු, බලධාරීන් අවදි වීම අගය කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹ නගරාධිපති ව්‍රායි කල්ලි බල්තසාර් මහත්මිය ද මෙම ප්‍රතිසංස්කරණයේ වැදගත්කම අවධාරණය කරමින්, අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළාය.
මේ අතර, කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා පැහැදිලි කළේ, මෙම මංතීරුව කොළඹ මහ නගර සභාවේ විෂය පථයට අයත් නොවන බවත්, එහි පාලනය නාගරික සංවර්ධන අධිකාරිය සතු බවත්ය. නගරයේ පවතින බොහෝ මාර්ග සහ ඉඩම්වල අයිතිය විවිධ රාජ්‍ය ආයතන සතු වුවද, මහජනතාව නිතර නගර සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














