වරකාපොළ, දොරවක පල්ලෙබාගේ ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලයක් තුළ රාජකාරියේ නිරතව සිටි සමාජ සවිබලගැන්වීමේ නිලධාරිනියකගේ ගෙල බැඳි පවුම් දෙකක් වටිනා රන් මාලයක් බලහත්කාරයෙන් කොල්ලකාගෙන පලාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා වරකාපොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 15 වැනිදා පස්වරු 5.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇත. ඉන් එක් අයෙකු කාර්යාලය තුළට කඩාවැදී නිලධාරිනියගේ රන් මාලය කොල්ලකා, එළියේ නවතා තිබූ යතුරුපැදියට නැග දෙදෙනාම පලාගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරිනිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.














