එහෙව් තාක්ෂණ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන

කොවිඩ් වසංගතයේ අඳුරු අත්දැකීම් අතරින්, ගෝලීය සංකල්පවල ප්‍රායෝගික ගැටළු මතුවෙමින් තිබෙන අවධියකි මේ. අනෙකුන් මත යැපීමේ ආදිනව විඳිමින්, ස්වයංපෝෂිතබවේ අගය ගැන කියවෙන මොහොතකි මේ.

ඒ උදෙසා පෙළගැසිය යුතුය යන ආකල්ප දැඩිව සමාජගතවෙමින් සිටින මොහොතකි මේ. එහිදී අප අතින්ම තැනෙන තාක්ෂණයක අවශ්‍යතාව වඩාත් ඉස්මතුව පෙනෙන මොහොතකි මේ. ඒ සඳහා රටක් ලෙස අප අවංක උත්සායක් ගන්නේ නම් සෙසු ලෝකයා එකී අරමුණින් යුතුව ගමන් කළ හැටි වඩාත් සියුම්ව අධ්‍යයනය කළයුතු මොහොතය මේ.....

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට මෙරට නවෝත්පාදනය අතින්, ලොව ඉදිරියෙන්ම සිටියේය. සාම්ප්‍රදායික ඥානය අනුව ගෝලීය වශයෙන් කෘෂිකර්මය ඇරඹි ඇත්තේ, මැදපෙරදිග සාරවත් චන්ද්‍රවංකයේ, දී වර්ෂ 12000 ට පෙරය. පැරණිතම වගා කරන ලද වී ඇට සොයාගෙන ඇත්තේ, වර්ෂ 8,000 ට පෙර දඹදිවදීය. ඒ කාලයේ, නවෝත්පාදනය පැතිරීමේ වේගය අනුව, වී වගාව ඉතාමත් ඉකමනින් ව්‍යාප්ත වී වර්ෂ 6000ට පෙර, මෙහි වගා වූ බවට සාධක ඇත. පළමු වරට යකඩ නිපදවන ලද්දේ, වර්ෂ 4000ට පෙර තුර්කියේදීය. ඒ අතර වර්ෂ 3000ට පෙර, භාවිත කරන ලද යපස් උදුන් ශේෂයන් ලක්දිව ඇත. වර්ෂ 2300 ට පෙර සිට, සුළං බලයෙන්, ක්‍රියාත්මක වන, ධාරාඋෂ්මක ඉදි කොට ඉහළම තත්ත්වයේ, වානේ නිෂ්පාදනය කිරීමට ලාංකික ලෝහ විද්‍යාඥයන්ට හැකි විය.

අද වන අප භාවිත කරන තාක්ෂණය පිටරටින් ආනයන කරන ලද්දකි. දේශීය නවෝත්පාදන ඇත්තේ අතළොස්සක් පමණි. මෙවන් විපර්යාසයක් ඇති වූයේ කෙසේද? 1948 දී, බ්‍රිතාන්‍යයෙන් ලංකාව ලැබූයේ නියම නිදහසක් නොව, අධිපති රාජධානි තත්ත්වයයි. දේශපාලන වශයෙන් අර්ධ නිදහසක් අප සතු වූ අතර, මානසික වශයෙන්, තවදුරටත් සුද්දාගේ වහලුන් විය.

1956 විප්ලවයෙන් පසු, මෙම මානසිකත්වය වෙනස් වීම ක්‍රම ක්‍රමයෙන් ඇරඹිණ. සංස්කෘතික වශයෙන් මෙය, කේමදාසගේ සංගීත රචනා, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට ආදියෙන් පමණක් නොව, කාන්තාවන්ගේ විලාසිතාවලින්ද, දේශීය ආභාසයෙන් පණ නැගුණු ස්වයං විශ්වාසය ප්‍රකට කෙරුණි. එමෙන්ම, විද්‍යා හා තාක්ෂණික අතින්, පුනරුදයක් ආරම්භ විය. මෙයට ලංකාවේ, සැදීගෙන ආ කර්මාන්ත රුකුලක් වුණි. නිෂ්පාදන අංශය, දළ ජාතික ආදායමෙන් 4.7% සිට 23.3% දක්වා,1953 - 77 කළ පරිච්ඡේදය තුළ වැඩි විය.

ඒ වකවානුවේ දී, සිරිල් සොයිසා, ඒ.වයි.ඇස්. ඥානම්, උපාලි විජේවර්ධන, ආදී ව්‍යවසායකයන් විසින් කම්බි ඇණ සිට ඊයම් බැටරි දක්වා භාණ්ඩ රාශියක් නිෂ්පාදනය ඇරඹිණ. "වාහිනී", "යුනික්" හා "සීඩල්ස්" වෙළෙඳ නාම යටින් නිෂ්පාදිත ගුවන්විදුලි යන්ත්‍ර මුල් කොට ගෙන ඉලෙක්ට්‍රොනික කර්මාන්තයක් ගොඩනගන ලදී. රාජ්‍ය සංස්ථා අංශය විසින්ද නව නිෂ්පාදන රාශියක් සිදු කරන ලදී. මෙයින්, නවෝත්පාදනය සඳහා තාක්ෂණික අඩිතාලමක් ඇති විය.

එදා මෙරට ප්‍රධාන ආර්ථික කොට්ඨාසය වූ වැවිලි අංශය තුළින්ද නවෝත්පාදනය බොහෝ සේ සිදුවිය. බ්‍රවුන්ස්, වෝකර්ස් හා සී.සී.සී. වැනි ඉංජිනේරු සමාගම්, වැවිලි ආශ්‍රිත කම්හල් සඳහා යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කළහ. මෙම තාක්ෂණික පදනම භාවිතයෙන්, රජයේ පර්‌යේෂණ ආයතන විසින් නවෝත්පාදන කිහිපයක් හඳුන්වාදෙන ලදී; උදාහරණ වශයෙන්, (තේ කොළ වියළීම, වේගවත් සුළං පහරක් භාවිතයෙන් එය තරලයක් සේ හැසිරවීමෙන් ක්‍රියා වන) තරල ඇඳ තේ වියළනය (fluidised-bed tea drier), පළමු වරට නිපයුවේ මෙරටය; ඒවාගේම, කුරුඳු තෙල් නිස්සාරණය සඳහා" සිසිරිල් මනකොක" නමැති නිස්සාරණය කිරීමේ ස්ථාලීය ("Cisirill Manakoka" extraction still) ද නිපදවන ලදී.

මේ යුගයේ ද, සියල්ලම සාර්ථක වුයේ නැත. උදාහරණයක් වශයෙන්, ජේ.සී.වී. චින්නප්පා නිර්මාණය කළ සූර්ය-බල අධිශෝෂණ ශීතකරණය, මෙරට භූමිතෙල් අධිශෝෂණ ශීතකරණ නිෂ්පාදනය කළ කර්මාන්ත තිබුණත්, විදේශිකව පමණක් නිෂ්පාදනය කෙරිණ. නමුත්, එවන් ඉඳහිට සිදුවූ අසමත්කම් හැර, බොහෝ දුරට ස්වයං-විශ්වාසී යුගයේදී, නවෝත්පාදනය සාර්ථක මට්ටමක පැවතිණි.

1977න් පසු, ආර්ථිකය සීමා රහිතව විවෘත කිරීමෙන්, රු මිලියන 654ක විදේශ වෙළෙඳ හා සේවා අතිරික්තය, 1983 වන විට, රු. බිලියන 21.6ක හිඟයක් බවට පරිවර්තනය විය. පිටරටින් ආනයන කළ භාණ්ඩ තොග සඳහා ගෙවනු ලැබුවේ විදේශ ණය මගිනි. ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා වැවිලි ආශ්‍රිත යන්ත්‍රෝපකරණ අංශ ඇතුළු, ඉහළ තාක්ෂණික කර්මාන්ත රාශියක් වසා දමන ලදී. ඒ වෙනුවට, ඇඟලුම් වැනි, ශ්‍රම-දැඩි කර්මාන්ත වර්ධනය වුවද, 1977 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 23% වූ නිෂ්පානද අංශය, 1983 වන විට 14% දක්වා අඩු විය. තාක්ෂණය දියුණු කළ හැකි අඩිතාලම දුර්වල වුණි.

එපමණක් නොව, අපේ ජනයා අතර, විශේෂයෙන්ම විද්‍යා හා තාක්ෂණික සේවකයන් අතර, ලංකාව ගැන තිබූ විශ්වාසය නැති වී, 1956 ට කලින් පැවති වහල් මානසිකත්වය නැවත බිහිවුණි. විදේශ තාක්ෂණය ලබාගැනීම පහසු බැවින්, ලංකාවට ඔබින දේශීය තාක්ෂණයන් සංවර්ධනය කිරීම නිෂ්ඵල විණ. විද්‍යාඥයන් හා තාක්ෂණවේදීන් හැම විටම විදේශගත විය.

අද මෙරට විද්‍යා සහ තාක්ෂණය බාල්දු වී ඇත. 1970 ගණන්වල දළ දේශීය නිෂ්පාදනයෙන් 0.4% පර්‌යේෂණ හා සංවර්ධනය සඳහා වියදම් වූ අතර, වර්තමානයේ වියදම් වන්නේ 0.16% (පෙර ප්‍රතිශතයෙන් 2/5) පමණි. දකුණු කොරියාව 4.3% ක් වියඳම් කරන අතර, ජපානය, තායිවානය, ස්වීඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්ක් සහ ඕස්ට්‍රියාව 3% ට වැඩි ප්‍රතිශත වැය කරති. ඒකපුද්ගල වශයෙන් අපට වඩා දුප්පත් වන ඉන්දියාවද, 0.85% ක් (එනම් අපට වඩා පස් ගුණයකට වැඩියෙන්) වැය කරයි. රික්තයක් තුළ, තාක්ෂණය වර්ධනය නොවේ. එහි ප්‍රගතිය, සමාජයේ ඵලදායී බලවේගයන්ගේද, අධ්‍යාපනයද, නවීකරණයට බලපෑම් කරන කළමනාකරණ හා සමාජ සාධකද, දියුණු වී ඇති මට්ටම මත අඛණ්ඩව පවතී. මෙම කේන්ද්‍රස්ථාන සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණයන් සඳහා පදනමක් සැපයීම වස්, තීරණාත්මක කාර්මික හා කෘෂිකාර්මික අංශ සංවර්ධනය කළ යුතුය. ඉන්දියාව මෙම මාවත සාර්ථකව අනුගමනය කර ඇත. එය ආර්ථිකයේ ඵලදායි අංශයන්හි ස්ථිරව මුල් බැස තිබේ. දකුණු ආසියාවේ වඩාත්ම නවීකරණය සිදුවන රට වන්නේ ශ්‍රී ලංකාව නොව ඉන්දියාවයි. ශ්‍රී ලංකාව කාර්මික සමාජයක් බවට පත් නොවී, පශ්චාත් කාර්මික සමාජයක් බවට පත්ව ඇත.

ලෝකයේ වඩාත්ම නවීකරණය සිදු වන රට වන දකුණු කොරියාව, එම තත්ත්වයට එළැඹූ ආකාරය නිරීක්ෂණය කිරීමෙන්, ලංකාවේ තාක්ෂණය දියුණු කිරීමට ආදර්ශයක් ලබා ගත හැක. එය, නවීකරණය දියුණුව සාධක දෙකක් මත පදනම් කළේය, එනම් විදේශීය තාක්ෂණයන් ලබාගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමද, ලබාගත් තාක්ෂණය ජීර්ණය කිරීම, උකහා ගැනීම සහ වැඩිදියුණු කිරීම සඳහා දේශීය අවශෝෂණ හැකියාව වර්ධනය කිරීමය.

බහුජාතික සමාගම් මත යැපීම පිළිබඳ කනස්සල්ල නිසාද කොරියාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන් නොව, බොහෝ දුරට විදේශ සෘජු ආයෝජන (FDI) අත්හැරීමට තීරණය කළ අතර, ඒ වෙනුවට රජය විදේශ ණය ලබා, පස්-අවුරුදු සැලසුම් ශ්‍රේණියක් මගින්, තෝරාගත් කර්මාන්ත කිහිපයකට එම මුදල් ක්‍රමවත්ව ආයෝජනය කළේය. එපමණක් නොව, එය නිෂ්පාදනය සහ ඉලක්ක පාලනය කළේය. පර්‌යේෂණ හා සංවර්ධන ඉලක්කද, මෙසේ පාලනය විය.

විදේශ සෘජු ආයෝජන මගින් නව තාක්ෂණය ලබාගැනීම වෙනුවටටද කොරියාව ප්‍රතිලෝම ඉංජිනේරු ක්‍රමය (reverse engineering), මුල් උපකරණ නිෂ්පාදනය (OEM), සහ විදේශීය නිෂ්පාදන අවසර (production licences) ලබා ගැනීම වැනි (ගනුදෙනුවක පාර්ශවයන් ස්වාධීන හා සමාන පදනමක් මත සිටින) අතේ-දුර ක්‍රම භාවිත කර, එම ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා, පෞද්ගලික අංශයත් සමග සහයෝගයෙන් වැඩ කර, කාර්මික සංවර්ධනය සඳහා තාක්ෂණික අඩිතාලමක් ඇතිකළ හැකි රාජ්‍ය කාර්මික පර්‌යේෂණ ආයතන ඇතිකළේය. මෙම තාක්ෂණ-හුවමාරු උපායයන් යොදාගැනීම නිසා, අඩු මිලට නව තාක්ෂණයන් ලබාගැනීමට ද, කොරියාවට හැකි වූ අතර, හොඳින් පුහුණු ශ්‍රම බළකායක් බිහි කිරීමටද දායක විය.

කාර්මික-තාක්ෂණ අඩිතාලමක් ඇති කිරීමෙන් පසු, 1982දී ද කොරියානු රජය, ජාතික පර්‌යේෂණ හා සංවර්ධන වැඩසටහන ආරම්භ කළේය. පර්‌යේෂණ හා සංවර්ධන වියදම, 1981 හා 1996 අතර, දළ දේශීය නිෂ්පාදනයෙන් 0.81% සිට 2.6% දක්වා ඉහළ නැගීය. 1992 දී, 21 ශතවර්ෂයට අවශ්‍ය මූලික කාර්මික තාක්ෂණ සංවර්ධනය කිරීම වස්, රජය "ඉතා දියුණු ජාතික ව්‍යාපෘතිය" (HAN Project) ආරම්භ කළේය. මෙය, තාක්ෂණික දුරදක්නා ක්‍රියාකාරකම්ද, විවිධ අමාත්‍යාංශ අතර උපදේශනය, රජයත්, පෞද්ගලික අංශයත් අතර සම්බන්ධීකරණයද, ඇතුළුව සැලසුම් ක්‍රියාවලීන්ගේ සම්පූර්ණ චක්‍රය මගින් වර්ෂ 10ක් තුළද, කොරියාව නවෝත්පාදනීය රටවල් අතර ඉහළම ස්ථානයට ගෙන ගියේය.

ද. කොරියාවේ අත්දැකීම්වලින් නිගමනය කළ හැක්කේ මූලික කාරණා තුනකි. එනම්, රජයේ ඉහළ පෙළේ මැදිහත්වීම හා ක්‍රම සම්පාදනයද, තාක්ෂණික ස්වයං-විශ්වාසයේ වැදගත්කමද, පුහුණු ශ්‍රම බළකායක් බිහිකිරීමේ අත්‍යවශ්‍ය භාවයයි.

මේ තුන, කියුබාවේ ජීව-තාක්ෂණය වර්ධනය වූ ආකාරයෙන්ද දක්නට ලැබේ. ඉතා නොදියුණු සෞඛ්‍ය තත්ත්වයක් තිබූ එම රටේ, රජය විසින් නිදහස් සෞඛ්‍ය සේවාවක් ගොඩනංවන ලදී. මෙය, මධ්‍යගත සේවාවක් වුවද, එය ප්‍රාදේශීය ජනයාගේ අවශ්‍යතාවන් සපුරාලීමට හැකි, විම්‍යගත කළ, ප්‍රජා සායන හා රෝහල් ජාලයකින් සමන්විත පද්ධතියකි.

කියුබාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වන, විෂයන් කිහිපයක විශිෂ්ටම උපාධිධාරින්, ජීව-තාක්ෂණික පර්‌යේෂණ ආයතන කිහිපයකටද නිෂ්පාදන ආයතන කිහිපයකට බඳවාගනු ලැබේ. මොවුන්ගේ ඥානයද එම ආයතනවල රැඳී තිබෙන සමුච්චිත දැනුමද, සෞඛ්‍ය සේවා පද්ධතියෙන් ලබන ප්‍රතිපෝෂණයද, සංශ්ලේෂණය කොට, නවීන ඖෂධ රාශියක් නිපදවීමට හැකි විය. මේවා අතර, ඩෙංගු උණට ද, දියවැඩියා ලෙඩුන්ගේ පාද ලෙඩ සඳහා ඖෂධ, ආවෘතිදාහය (මොළය ඉදිමෙන රෝගයට) හා කහ උණ සඳහා එන්නත්, ආදී පිළියම් රාශියක් ලෝක ප්‍රකට වී තිබේ.

අද, කියුබාවේ ප්‍රධාන ජීව-තාක්ෂණ ආයතනය වන බයෝ-කුබා-ෆාර්මා (Bio Cuba Farma) සංස්ථාව, සමූහ ව්‍යාපාර 33 කින්ද, සේවකයන් 21,600 කින්ද, සමන්විත වන අතර, එය ඖෂධ හා රසායනික ද්‍රව්‍ය වර්ග 1,000 කට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට, කියුබාවේ බෙදාහැර, රටවල් 50 කට අපනයනය කරයි. එපමණක් නොව, එයට කියුබාවේද, අන් රටවල්වලද වලංගු පේටන්ට් බලපත්‍ර 2,640ක් අයිති වේ.

ඇමරිකා එක්සත් ජනපදයෙන් දමන ලද තහංචි ඇතුවද, මේ තත්ත්වයට එළැඹීම සඳහා, 1980 හා 90 ගණන්වල කියුබාවේ රජය කළ එ.ජ. ඩොලර් බිලියනයක ආයෝජනය අත්‍යවශ්‍ය වුවත්, එය ප්‍රමාණවත් වූයේ, අන් සාධක කිහිපයක් නිසාය. එනම්, හොඳ අධ්‍යාපනයක් ලද, පුහුණු ශ්‍රම බළකායක්ද, රජයේ සෘජු මැදිහත්වීමද, විශේෂයෙන්ම ස්වයං-විශ්වාසී ක්‍රියාවලියක්ද, තිබීමයි.

මෙම, බොහෝ සේ වෙනස් රටවල් දෙක, තම නවෝත්පාදන හැකියාවන් දියුණු කළ ආකාරය අපි හදාරන විට, අපට ප්‍රත්‍යක්ෂ වනු ඇත්තේ, ලංකාව එසේ කිරීමට නම්, අපි වහල්, විදේශීය ආධාර ගැන භක්තියක් නොව, නිවහල්, ස්වයං-විශ්වාසී මානසිකත්වයක් ඇතිකළ යුතු බවය. ඉන් අමතරව, දියුණු, විද්‍යා-මූලික අධ්‍යාපන ක්‍රමයක්ද, සැලසුමක් අනුව පර්‌යේෂණය සඳහා හා නිෂ්පාදනයට රාජ්‍ය මූලධන ආයෝජනය හා ඉලක්ක-පාලනයද, අපේ ස්වභාවික හා මනුෂ්‍ය සම්පත්වලින් උපරිමය ලබා ගැනීම ගැන අවබෝධයක්ද තිබිය යුතුයි.

එසේ නම්, අපට ඉහළම තත්ත්වයේ නවෝත්පාදනය සිදුවන රටක් බවට පරිවර්තනය විය හැක. නොඑසේ නම්, ජාතියට අලුත් තාක්ෂණික ජවයක් ලබාගැනීමට

•විනෝද් මුණසිංහ

අරුණ පුවත් පත

Pin It

සබැඳි පුවත්

කෝවිඩි-19ට සම්බන්ධයැයි සැක බරපතළ රෝගී ලක්ෂණ දරුවන් අතර මතුවෙයි
කෝවිඩි-19ට සම්බන්ධයැයි සැක බරපතළ රෝගී ලක්ෂණ දරුවන් අතර මතුවෙයි කොරෝනාවෛරස ආසාදනයට සම්බන්ධ යැයි සැලකිය හැකි දුර්ලභ නමුත් භයානක රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එක්සත් රාජධානියේ ...
කොරෝනා චීනයෙන් තුරන් වෙද්දී ලෝ වටා තත්ත්වය
කොරෝනා චීනයෙන් තුරන් වෙද්දී ලෝ වටා තත්ත්වය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඇරැඹි චීනයෙන් ඊයේ (අප්‍රේල් 07) එකම කොරෝනාවෛරස් රෝගී මරණයක් හෝ වාර්තා නොවිණි. පසුගිය ජනවාරියේ පටන් චීනය දෛනික සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ...
කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය
කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි. එය ශ්‍රී ලාංකීය ජනතාවග...
උණුසුම් කාලගුණයට මුහුණ දීම !
උණුසුම් කාලගුණයට මුහුණ දීම ! පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන්...
හඳුන්නෙත්තිගේ "ඇමති පුටුව" ට විමල්ගෙන් කිස්කන උත්තරයක්…
හඳුන්නෙත්තිගේ "ඇමති පුටුව" ට විමල්ගෙන් කිස්කන උත්තරයක්… ‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත්‍රීගේ අසත්‍ය ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත හා සැපයුම් කළමන...
යහ පාලනය තුල සිටි බැසිල්ගේ ඔත්තුකරුවෝ..?
යහ පාලනය තුල සිටි බැසිල්ගේ ඔත්තුකරුවෝ..? යහ පාලන සමයේ එහි අභ්‍යන්තරික තත්ත්වයන් හා දේශපාලනික ගතිකයන් පිටත ට කාන්දු කිරීම උදෙසා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් චරපුරුෂයන් යොදවා...

Print   Email