දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (09) පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 8කින් පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 277ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාර කිහිපය දක්වාම ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වුවද, පන්දුවාර 48යි පන්දු 5ක් තුළ සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 269ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් ශිරාස් ලකුණු නොලබා දැවී යාමත් සමඟ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම තරගයේ ජය තහවුරු කරගත්තේය. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් අර්ෂාඩ් ඛාන් ලකුණු 24කට කඩුලු 2ක් බිඳහෙලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
















