ඉන්දියාවේ පූර්ණ ආයෝජන දායකත්වය මත ෆීජි දූපත් රාජ්‍යයේ ඉදිවන එරට පළමු සුඛෝපභෝගී රෝහල් සංකීර්ණ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆීජි දුපත් රාජ්‍යයේ නසිනු (Nasinu) පළාතේ, ෆීජි ජාතික විශ්වවිද්‍යාලය ආසන්නයේ ඉදිවන මෙම රෝහල ඇඳන් 100කින් සමන්විත වේ. මෙහි පළමු අදියරේ වැඩකටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී ඇති අතර, නියමිත ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසුව දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය අටෝනියෝ ලලබලවු (Atonio Lalabalavu) ප්‍රකාශ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පසුබිම සහ වැදගත්කම මෙසේය:
නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශයක්:
යෝජිත මෙම සුඛෝපභෝගී රෝහල් ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පළමුවරට නිවේදනය කරනු ලැබුවේ 2023 වසරේ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ පැවති ඉන්දීය-පැසිෆික් දූපත් සහයෝගිතා සමුළුවේදීය (FIPIC).
තිරසාර සෞඛ්‍ය යටිතල පහසුකමක්:
සැලසුම් සහගත කටයුතු නිමවීමෙන් පසු මෙය ෆීජි දූපත් රාජ්‍යයේ ඉතිහාසයේ ජනතා අයිතියට පත්වන පළමු සුඛෝපභෝගී රෝහල බවට පත්වනු ඇත. එමෙන්ම, මෙය මෑත ඉතිහාසය තුළ ෆීජි රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන වඩාත්ම සැලසුම්ගත සහ දැවැන්තම සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ව්‍යාපෘතිය ලෙස ද සැලකේ.










