බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රකට භූගත ජලාශයක් වන නිල් දිය පොකුණේ ජල සාම්පල් පරීක්ෂා කිරීමට පැමිණි ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ සහ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී සංචාරක මඟපෙන්වන්නන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
2024 දෙසැම්බර් මස සිට වසා දමා ඇති මෙම සංචාරක ස්ථානය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර, ජල සාම්පල් ලබාගැනීමට පැමිණි නිලධාරීන්ට සහය දැක්වීම ද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් නිලධාරීන් විසින් ජල සාම්පල් ලබාගැනීමෙන් අනතුරුව, දීර්ඝ කාලයක් වසා දමා තිබූ නිල් දිය පොකුණ ප්‍රදේශවාසීන් විසින් ආගමික වතාවත් පවත්වා අද දින නැවත සංචාරකයින් සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.














