රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ කීයව් (Kyiv) අගනුවර පිහිටි SBU ආරක්ෂක සේවා ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) තහවුරු කරයි.
තෙල් සහ ඉන්ධන දුමාරයෙන් කීව් නගර මධ්‍යය වැසී ගිය මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 7 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව කීව් නගරපතිවරයා ප්‍රකාශ කළේය. අඛණ්ඩව 10 වන දිනටත් කීව් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය, SBU ආරක්ෂක ප්‍රධානියාගේ පෞද්ගලික කාර්යාලයම ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද්දක් බව පවසන ජනාධිපති සෙලෙන්ස්කි, රුසියාව වෙත එල්ල කෙරෙන තීරණාත්මක සහ සමාන ප්‍රතිප්‍රහාරයක් සඳහා සිය හමුදාවන්ට නියෝග කළ බව ද සඳහන් කළේය. වසර හතරහමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම යුද්ධය තුළ යුක්රේන රජයේ ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලක් සෘජුවම ප්‍රහාරයකට ලක්වූ ප්‍රථම අවස්ථාවන්ගෙන් එකක් ලෙස මෙය සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














