• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට ඉදිවන පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘතියට සහාය දෙන්න ඉන්දියාව සුදානම්

3 September 2020
in සංවර්ධන

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉදිවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් තම රටේ ඉංජිනේරු ඥාණය මෙන්ම ආයෝජකයින් යොමුකිරීමට කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පවසයි.

ඊයේ (02) පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට එක් වෙමින් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේය.

මේ වනවිට දකුණූ ආසියාවේ පැය 24ම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතින රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බවත්, ඒ පිළිබදව තමා මහත් සතුටට පත්වන අතරම ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහ තාක්ෂණික සහාය සැපයීමට අදහස් කරන බව ඉන්දියානු මහකොමසාරිස්වරයා කියා සිටියේය.

දෛනිකව ඉහළයන විදුලි ඉල්ලුම සපුරාලීම සදහා විදුලිබල අමාත්‍යාංශය දැන් සිටම ස්ථාවර පිළියම් සදහා යොමුවන බව පැවසූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මකවන බලශක්ති ව්‍යාපෘතින් සංවර්ධනය කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුවීම පිළිබදව සතුටු වන බවත්, ඉදිරියේදී ජාතික විදුලිජනන සැළැස්ම වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තියෙන්ම පෝෂිත කිරීමට සැලසුම් සකස් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

දෙරටේ ද්වීපාර්ශවික මිත්‍රත්වය තව තවත් තහවුරු කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ දැනුම සහ තාක්ෂණික ඥාණය ඉන්දියාව සමඟ හුවමාරු කරගැනීමට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා එකඟවන බවත් පැවසු අමාත්‍ය අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත ගැසට් කිරීමට සියල්ල සුදානම්

Next Post

තමාට මෙන්ම රජයට බලපෑම් කරන්න එපා – ජනපති

editor

editor

Next Post

තමාට මෙන්ම රජයට බලපෑම් කරන්න එපා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved