ඉන්දීය සාගර කලාපයේ නිරීක්ෂණ කටයුතු පුළුල් කිරීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරමින්, අමෙරිකාවෙන් සාගර නිරීක්ෂණ ඩ්‍රෝන යානා දෙකක් බද්දට ගැනීම සඳහා ඉන්දියාව ගිවිසුම් අත්සන් කර තිබේ.
මාස 30ක කාලයක් සඳහා ඩොලර් මිලියන 203ක මුදලකට ලබා ගැනීමට නියමිත මෙම MQ-9B වර්ගයේ අධි තාක්ෂණික ඩ්‍රෝන යානා හරහා ඉන්දීය නාවික හමුදාවේ සාගර කලාපීය නිරීක්ෂණ හැකියාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි වාර්තා වේ. ඉන්දියාව සහ චීනය අතර ඉන්දීය සාගරයේ බලපෑම පැතිරවීම සම්බන්ධයෙන් පවතින උපායමාර්ගික තරගකාරීත්වය මධ්‍යයේ මෙම පියවර ගෙන තිබේ.














