යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන් නියඟයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුපියල් කෝටි නවයක ලෝක බැංකු ආධාර යටතේ සූර්ය පැනල තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක කළ නළ ජල ව්‍යාපෘතිය මුළුමනින්ම බිඳ වැටී ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
වසර 2022 දී ආරම්භ කර 2023 දී අවසන් කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන වැව් නවයක් සහ බංගලා වෙත ජලය සැපයීමට නළ පද්ධතියක් එළා තිබුණද, අදාළ ආයතනය විසින් නඩත්තු කටයුතු නිසි ලෙස නොකිරීම හේතුවෙන් ජල පොම්ප ක්‍රියාවිරහිත වී ඇත. මේ නිසා උද්‍යානයේ වැව් සහ ජල මූලාශ්‍ර බොහෝමයක් සිඳී ගොස් ඇති අතර, දැඩි නියඟය හමුවේ වන සතුන් පීඩාවට පත්ව සිටින බැවින් පෞද්ගලික ජල බවුසර මඟින් හෝ ජලය සැපයීමට අවසර ලබා දෙන ලෙස සෆාරි ජීප් රථ සංගම් ඉල්ලා සිටී.














