ශ්‍රී ලංකාවේ තම රාජකාරි කාලසීමාව සාර්ථකව අවසන් කර නැවත සිය මවුරට බලා පිටත්ව යාමට සූදානම් වන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංගල් පාන්ඩේ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
මෙම හමුවේදී, සිය සේවා කාලය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ එතුමා නියෝජනය කරන පාර්ශ්වයෙන් ලැබුණු නොමසුරු සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිය විශේෂ කෘතඥතාව පළ කළේය.
















