ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා විසින් යාපනය ඩෙල්ෆ්ට් දූපතේ (නෙදුන්තීවු) සංචාරය කරමින් සිදුකරන ලද ප්‍රකාශයක්, කිසිදු ඓතිහාසික හෝ විද්‍යාත්මක පදනමකින් තොර ව්‍යාජ මිත්‍යාවන් සමාජගත කිරීමක් බව පෙනී යයි.
මෙරට ප්‍රමුඛ පෙළේ ඉතිහාස ගවේෂකයන් පෙන්වා දෙන්නේ ලංකාවේ නිල ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක ලේඛනගත ඉතිහාසය තුළ මෙවැනි හනුමන්තා පා ලකුණක් පිළිබඳව කිසිදු ස්ථානයක කිසිදු සාක්ෂියක් වාර්තා වී නොමැති බවයි. එසේම රාමායනය යනු නවකතාවක් වැනි රචනයක් මිස ඒ පිළිබදව කිසිදු ඓතිහාසික සාක්ෂි නොමැති බව රාජකීය ආසියාතික සමිතිය වැනි ආයතන ද පෙන්වා දී තිබියදී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ ආකාරයේ කාරණා සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන්නේ කුමන අරමුණකින් දැයි ප්‍රශ්නයක්ව පවතී.
රාමායණ මහා කාව්‍යයේ එන ප්‍රබන්ධ චරිත ඇසුරින් නිර්මාණය කර ඇති මෙවැනි විශ්වාසයන් ආගමික භක්තිය මත පදනම් වූවක් වුව ද, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉහළ නිලධාරියෙකු විසින් ඒවා සැබෑ ඓතිහාසික සිදුවීම් ලෙස පෙන්වා දෙමින් ප්‍රකාශ නිකුත් කිරීම සත්‍ය ඉතිහාසය යටපත් කිරීමකි. ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි අදාළ පාෂාණමය ලක්ෂණය හනුමන්මෙතා පා සටහනක්ලෙ බවට කිසිදු විද්සයාත්මක හෝ ඓතිහාසික සාක්ෂියක් නොමැති තත්ත්වයක් යටතේ මහ කොමසාරිස්වරයා මේ ආකාරයේ ලාමක ප්‍රකාශයක් කිරීම ඉතිහාසයට නිගා දෙන්නෙකි.
















