ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා අතර හමුවක් අද (ජුනි 04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින දිගුකාලීන මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දිට්වා සුළිකුණාටුවෙන් පසුව රජය ක්‍රියාත්මක කරන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය සඳහා ප්‍රකාශයට පත් කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ (Humanitarian Priorities Plan – HPP) ඉදිරි කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. අසාම් බාකීර් මාකර්, වගීෂ පෙරේරා සහ ටී.සී.එම්.එන්.ආර්.ටී. කුරේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















