බැංකොක් සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු රුපියල් 5,040,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි ව්‍යාපාරික ආයතනයක සේවකයෙකු වන අතර ඔහු ඊයේ (14) රාත්‍රී 11:28ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇත. ගුවන් තොටුපළේ හරිත මාවත (Green Channel) හරහා පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී ඔහුගේ ගමන් මලු දෙකක සඟවා තිබූ විදේශීය දුම්වැටි කාටූන් 168ක් සොයාගෙන ඇති අතර එහි අඩංගු දුම්වැටි සංඛ්‍යාව 33,600කි. රේගු නීතිරීතිවලට අනුව අදාළ දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.













