තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පිළිගැනීමේ උත්සවය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අතර එහිදී පළමුව මාලදිවයින් ජනාධිපතිවරයා වෙත ජනාධිපති උත්තමචාර පිරිනමන ලදී. අනතුරුව දෙරටේ ජාතික ගී වාදනය කරමින් පිළිගැනීමේ උත්සවය ආරම්භ වූ අතර මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21 ක් පිරිනැමීම ද සිදු විය.














