• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ආපන ශාලා හා දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්

8 September 2020
in දේශීය

කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලු ම පාසල් 1-13 ශ්‍රේණි දක්වා අද (08) සිට විවෘත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දැනුවත් කිරීමට හා නියාමනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මේ වනවිටත් දැනුම් දී තිබේ.

ඒ අනුව, රෝග වැළැක්වීමේ සහ නිවාරණ ක්‍රම පිළිපදිමින් 2020-09-14 දින සිට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවසර ලබා දී ඇති අතර පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට ද නිර්දේශ ලබා දී තිබේ.

කෙටි විවේක කාලය තුළ පාසල් ආපන ශාලාවලට සිසුන් විශාල වශයෙන් පැමිණීම වැළැක්වීම සඳහා විදුහල්පතිවරුන්, හා ගුරුමණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතුවේ.

උදෑසන කාලයේ දී පන්තිවලින් ඇණවුම් ලබාගනිමින්, එම ඇණවුම් අනුව පන්ති මට්ටමින් ආහාර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හෝ එවැනි වෙනත් වැඩපිළිවෙළක් මගින් සිසුන් එක්රොක්වීම වැළැක්වීමට හැකිනම් පමණක් විදුහල්පතිවරුන් විසින් තම විද්‍යාලයන්හි ආපනශාලා විවෘත කර 2020-09-14 දින සිට පවත්වාගෙන යායුතු බව ද මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Post Views: 19
Previous Post

ජනතාවට දෝහි වෙන්න බෑ – ඇමැති කෙහෙලිය කියයි

Next Post

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට ගිය මන්ත්‍රී ප්‍රේමලාල්ගේ දිවුරුම් දීම

editor

editor

Next Post

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට ගිය මන්ත්‍රී ප්‍රේමලාල්ගේ දිවුරුම් දීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved