• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

17 September 2023
in සංවර්ධන

නුවරඑළිය, ග්‍රෙගරි වැව සංචාරක කලාපයේ වෙළදාම් ආදායම් පහලයාම සම්බන්ධයෙන් ලද ජනතා ඉල්ලීමකට අනුව නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (12) කටයුතු කළේය.

එහිදී අදාල සංචාරක කලාපයේ අංශ ග්‍රෙගරි වැවෙහි පිහිටීමත් සමග දෙපසට විහිදී වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වීම මත නිසි ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය වන බව පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටි අතර, ඉදිකිරීමට යෝජිතව ඇති නමුත් ඉදිකිරිම සිදු නොකළ පාලම කඩිනමින් ඉදිකරමින් විධිමත් ලෙස එක් එක් අංශ එකිනෙක සම්බන්ධකිරීම මගින් වඩා හොඳ සංචාරක කලාපයක් ලෙස ග්‍රෙගරි වැව සංචාරක කලාපය සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් අදාල අංශ වෙත පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදීම සිදුවිය.

එක් එක් අංශ අතර මනා සම්බන්ධතාවයක් පැවතීමෙන් සංචාරකයන්හට පහසුවෙන් සංචාරක අත්දැකීම් විදගැනීමට අවස්ථාව සැලසීම ඔස්සේ සංචාරක කලාපය වෙත වැඩි ආකර්ශනයක් ලබාගැනීමට හැකියාව සැලසීමෙන් ‍මෙන්ම ක්‍රියාකාරකම් පදනම් කොට ගත් නව සංචාරක ආකර්ෂණ මෙම කලාපයේ පිහිටවීම මගින් වෙළද ආදායම් ද ඉහල යෑමට අවස්ථාව සැලසෙන බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එස්.පී.කේ. බෝධිමාන්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

මාතලේ – මහේෂ්

Post Views: 14
Previous Post

අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි

Next Post

වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

editor

editor

Next Post

වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved