27 April 2024
#සංවර්ධන

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

නුවරඑළිය, ග්‍රෙගරි වැව සංචාරක කලාපයේ වෙළදාම් ආදායම් පහලයාම සම්බන්ධයෙන් ලද ජනතා ඉල්ලීමකට අනුව නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (12) කටයුතු කළේය.

එහිදී අදාල සංචාරක කලාපයේ අංශ ග්‍රෙගරි වැවෙහි පිහිටීමත් සමග දෙපසට විහිදී වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වීම මත නිසි ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය වන බව පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටි අතර, ඉදිකිරීමට යෝජිතව ඇති නමුත් ඉදිකිරිම සිදු නොකළ පාලම කඩිනමින් ඉදිකරමින් විධිමත් ලෙස එක් එක් අංශ එකිනෙක සම්බන්ධකිරීම මගින් වඩා හොඳ සංචාරක කලාපයක් ලෙස ග්‍රෙගරි වැව සංචාරක කලාපය සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් අදාල අංශ වෙත පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදීම සිදුවිය.

එක් එක් අංශ අතර මනා සම්බන්ධතාවයක් පැවතීමෙන් සංචාරකයන්හට පහසුවෙන් සංචාරක අත්දැකීම් විදගැනීමට අවස්ථාව සැලසීම ඔස්සේ සංචාරක කලාපය වෙත වැඩි ආකර්ශනයක් ලබාගැනීමට හැකියාව සැලසීමෙන් ‍මෙන්ම ක්‍රියාකාරකම් පදනම් කොට ගත් නව සංචාරක ආකර්ෂණ මෙම කලාපයේ පිහිටවීම මගින් වෙළද ආදායම් ද ඉහල යෑමට අවස්ථාව සැලසෙන බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එස්.පී.කේ. බෝධිමාන්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *