27 April 2024
#දේශීය

බුද්ධිමතුන් රට හැර යයි – විපක්ෂනායක සජිත්

බුද්ධිමත් පරපුර රට හැර යන අතර බුද්ධි ගලන ඛේදවාචකය අතලඟයි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බව හෙතෙම පැවසීය.

අපේ රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධිගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ගුවන් සේවා ආයතන ආයතනවල කොටස්කරුවන්,පාර්ශවකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් අතර හමුවක් අද (06)කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති අවස්ථාවේදිය.

ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ මාර්ග සිතියමක්, කාල වකවානු සහිතව ක්‍රියාත්මක නොකරන තාක්කල් අපේ රට ගොඩනැගිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ උදෙසා අලුත් වරමක් සහිත, ස්ථාවර රජයක් අවශ්‍ය බවත් එසේ නොකර ජනතාව ඇන්දවීමෙන් මේ රට ගොඩනැගිය නොහැකි බවත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *