ලොව පුරා ශ්‍රව්‍ය බාධිත පුද්ගලයින්ගේ සන්නිවේදන අයිතිවාසිකම් සහ සංඥා භාෂාවේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරෙන ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට (23) යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව ලොව පුරා ශ්‍රව්‍ය බාධිත පුද්ගලයින් මිලියන 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන අතර, ඔවුන් භාවිත කරන සංඥා භාෂා සංඛ්‍යාව 300කට අධිකයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සමරනු ලැබුවේ 2018 වසරේදීයි.
මේ අතර, සන්නිවේදන බාධාවක් හේතුවෙන් කිසිදු පුද්ගලයෙකු සමාජයෙන් හුදෙකලා නොවිය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
සංඥා භාෂාවට ගෞරවය හා පිළිගැනීම ලබාදෙමින් සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන අන්තර්කරණීය සමාජයක් ගොඩනැගීම අපගේ වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.














