මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමන්ට එරෙහිව ආරම්භ කර ඇති විශේෂ පරීක්ෂණ මඟහැරීම සඳහා, වයඹ පළාතේ ඉහළ ධුරයක් දැරූ විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු මෙරටින් පලාගොස් ඇති බව තොරතුරු වාර්තා වනවා. ඔහු මෙලෙස ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත්තේ, කොළඹ 07 මල් පාර ප්‍රදේශයෙන් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ට බරපතළ ලෙස චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමකයි.
අදාළ සුඛෝපභෝගී නිවස මිලදී ගැනීමේදී මෙම දේශපාලනඥයා තමන්ගේ සැබෑ අනන්‍යතාව භාවිත කළේ ද, නැතහොත් තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ වෙනත් ප්‍රබලයන්ගේ නම් ඒ සඳහා යොදාගත්තේ ද යන්න සොයා බැලීම සඳහා වගකිවයුතු අංශ විසින් මේ වන විටත් පුළුල් මට්ටමේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
















