27 April 2024
#දේශීය

ප්‍රචණ්ඩකාරීව හැසිරම් ගැන විමර්ශනයක් – පොලිස්පති

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කරමින් ඊයේ (09) දින අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් විසින් සිදු කල ගෝල්ෆේස් හි සිටි විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අරලියහග මන්දියට පැමිණි පිරිස එම මන්දිරය ඉදිරිපිට කුඩාරම් තුල රැඳි සිටි විරෝධතාකරුවන් වෙත ගොස් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් එම ස්ථානයේ තිබු දේපලවලට හානි කොට රැඳි සිටි පිරිසට පහරදි අනතුරුව පොලිස් අණ නොතකා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල රැදි සිටි විරෝධතාකරුවන් අසලට ද ගොස් එහි දේපලවලට ද හානිකොට එම පිරිසට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වීඇත.

එම සිදුවීමට අදාළව කඩිනමින් විමර්ශන ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පති විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *