උපායමාර්ගිකව ඉතා වැදගත් හෝර්මූස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) අයත් දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකා දෙකකට (VLCCs) ඉරානය විසින් ක්‍රෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. මෙම ප්‍රහාරය හේතුවෙන් නැවේ සේවය කළ ඉන්දීය ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර ඉන්දීය සහ යුක්‍රේන ජාතිකයෝ වෙති.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ එමීර් රාජ්‍යයේ රාජ්‍ය තෙල් සමාගමට (ADNOC) අනුබද්ධ ‘Mombasa B’ සහ ‘Al Bahyah’ යන සුපිරි තෙල් නැව් දෙකයි. ඕමාන් මුහුදු සීමාවේදී එල්ල වූ මෙම ප්‍රහාරවලින් නැව්වලට දැඩි හානි සිදුව ඇති අතර හටගත් ගින්න පාලනය කිරීමට කාර්ය මණ්ඩලය සමත්ව ඇත. කෙසේ වෙතත් ‘Al Bahyah’ නෞකාවේ සිටි සේවකයින් 18 දෙනෙකු මුදාගෙන ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ගමන් කළ නැව් දෙකකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගල්ෆ් කලාපයේ හටගත් යුදමය තත්ත්වය මෙම ප්‍රහාරයත් සමඟ තවදුරටත් උත්සන්න වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















