සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන වෛරී ප්‍රකාශ (Hate Speech) සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම (Disinformation) පිළිබඳව අධ්‍යයනය කරන විදේශීය පර්යේෂකයන්ට වීසා ප්‍රතික්ෂේප කිරීමට සහ ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන ආ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් වළක්වා තිබේ.
වොෂින්ටනයේ ප්‍රධාන එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජේම්ස් බෝස්බර්ග් (James Boasberg) මහතා ප්‍රකාශ කළේ, ස්වාධීන තාක්ෂණ පර්යේෂණ සන්ධානය (Coalition for Independent Technology Research) ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. ට්‍රම්ප් පරිපාලනයේ මෙම නව ප්‍රතිපත්තිය මඟින් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් (First Amendment) තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නීතිවිරෝධී ලෙස සීමා කරන බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















