අමෙරිකා එක්සත් ජනපදය සමඟ මෙතෙක් කිසිදු එකඟතාවක් හෝ ගිවිසුමක් සඳහා එකඟ වී නොමැති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ලෝක දේශපාලනයේ සහ වෙළෙඳ ගමනාගමනයේ උපායමාර්ගිකව වැදගත් සන්ධිස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් ද ඉරාන විදේශ අමාත්‍යාංශය මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ කළමනාකරණය පිළිබඳ තීරණ ගත යුත්තේ බාහිර පාර්ශ්වයන් නොව, ඉරානය සහ ඕමානය විසින් පමණක් බවයි.















