ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔහු මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇති මහාචාර්යවරයා, ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසු යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව දැනගන්නට ඇත.
අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතින මෙම අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් සිව්දෙනෙකු ද පසුගිය කාලයේදී සිය ධුරවලින් ඉවත් විය. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්ධුල දිලීප විතාරණ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර යන මහත්වරු එලෙස ඉවත් වූ ප්‍රධානීහු වෙති.















