යමනයේ හුති සංවිධානය විසින් සෞදි නාවික ප්‍රවාහන ඉලක්ක කර ගන්නා බවට සිදු කළ තර්ජන හේතුවෙන්, සෞදි අරාබියට අයත් සුපිරි තෙල් ටැංකි 6ක් පසුගිය දිනවල ඒඩන් බොක්කේදී සිය ගමන් මාර්ගය වෙනස් කර දකුණු අප්‍රිකාව දෙසට ගමන් කරමින් සිටින බව නාවික ලුහුබැඳීමේ දත්ත මඟින් අනාවරණය වී තිබේ.
ආසියානු රටවල ගමන් බිමන් අවසන් කර හිස්ව පැමිණි මෙම තෙල් ටැංකි, රතු මුහුදේ දකුණු ප්‍රදේශයේ පිහිටි බාබ් එල්-මැන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම වෙනුවට දකුණු අප්‍රිකාව දෙසට හැරී ඇති බව LSEG සහ MarineTraffic හි AIS නැව් ලුහුබැඳීමේ දත්ත පෙන්වා දෙයි. මෙම එක් ටැංකියකට බොරතෙල් බැරල් මිලියන දෙකක උපරිම ධාරිතාවක් රැගෙන යා හැකි අතර, ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම නැව් කේප් ඔෆ් ගුඩ් හෝප් (Cape) හරහා හරවා යැවීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග පවසයි.
ජූලි 20 වන දින හුති සංවිධානය සෞදි අරාබියට එරෙහිව සමුද්‍රීය සම්බාධකයක් ප්‍රකාශයට පත් කළ අතර, සෞදි ආශ්‍රිත නැව් ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලන්ඩන් සමුද්‍ර රක්ෂණ වෙළෙඳපොළ විසින් රතු මුහුදේ “අධි අවදානම්” කලාපය පුළුල් කිරීමටද පසුගිය සතියේ පියවර ගනු ලැබීය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















