ඇමෙරිකානු ප්‍රහාර හමුවේ මියයන සෑම ඉරාන ජාතිකයෙකු වෙනුවෙන්ම එකට එකක් ලෙස ඇමෙරිකානු සෙබළෙකු බැගින් ඝාතනය කරන බවට ඉරාන ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අලි අබ්දොල්ලාහි (Ali Abdollahi) අනතුරු අඟවයි.
රාජ්‍ය මාධ්‍ය සේවයක් වන Press TV වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ටෙහෙරානය සතුව ඒ සඳහා “නිරයට යාමට සෘජු ටිකට් පත්” සූදානම් කර ඇති බවයි. යුද්ධය ආරම්භ වූ තැන් සිට ඉරානය මෙවැනි දරුණු ප්‍රකාශ නිකුත් කළ ද, මෙතෙක් යුධ පිටියේ තත්ත්වය ඔවුන්ට වාසිදායක ලෙස වෙනස් වී නොමැති බව විදේශීය විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














