තමන් වෙත එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බහරේන් සහ කුවේට් රාජ්‍යයන්හි පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ආරක්ෂක හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. එහිදී ඇමෙරිකාවට අයත් හමුදා යටිතල පහසුකම් 85ක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන ආරක්ෂක අංශ තහවුරු කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බහරේන් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධාන කඳවුරට සහ කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරට මෙමඟින් දැඩි ප්‍රහාර එල්ල වී ඇත. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා සිටින්නේ තම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම දැඩි පියවරක් ගැනීමට පසුබට නොවන බවයි. එසේම, ඉරානයේ ස්වෛරීභාවයට හානි කරන ඇමෙරිකානු ක්‍රියාවලීන්ට සහයෝගය දක්වන මැදපෙරදිග කලාපීය ඕනෑම රටක් තම ඉදිරි මිලිටරි ඉලක්ක බවට පත්වන බව ද ඉරානය අවධාරණය කර සිටියි.
















